කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව, සබරගමුව පළාත මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැක. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් වාර්තා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ, දකුණ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පැයට කිලෝමීටර 30-40 දක්වා වන තරමක තද සුළං තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළංවලින් සිදුවන හානි අවම කර ගැනීමට පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

