අගෝස්තු මාසයට අදාළ අස්වැසුම සුබසාධක දීමනා ලබන 19 වනදා ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයට අනුව, මෙම යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ ප්රතිලාභී පවුල් 999,502ක් සඳහා රුපියල් බිලියන 9.24කට අධික (රුපියල් 9,241,892,500ක) මුදලක් ගිණුම්ගත කිරීමට නියමිතය.
එමෙන්ම, දෙවන අදියර යටතේ ප්රතිලාභී පවුල් 212,955ක් වෙනුවෙන් රුපියල් බිලියන 2.32කට අධික (රුපියල් 2,321,735,000ක) මුදලක් ගෙවීමට සියලු කටයුතු යොදා තිබේ.

