මෙරට සමස්ත ඩෙංගු රෝගීන් ගණන 92,000 පනී. මරණ 68ක් වාර්තා වෙයි.

0
5

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,254 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ ගතවූ දින 16ක කෙටි කාලය තුළ පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 6,914 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් වැඩිම ප්‍රතිශතය වන සියයට 21.32 ක පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර, එමගින් එම දිස්ත්‍රික්කය තුළ පවතින දැඩි අවදානම් තත්ත්වය පෙන්නුම් කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here