සිරියානු සිවිල් යුද්ධය අතරතුර සිදු කරන ලද බරපතල යුද අපරාධ, වැසියන් ඝාතනය කිරීම, වධහිංසා පැමිණවීම සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් ඇතුළු මානව වර්ගයාට එරෙහි චෝදනාවලට වරදකරු කරමින් සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද්ට (Bashar al-Assad) මරණ දඬුවම නියම කිරීමට ඩැමස්කස් අගනුවර අපරාධ අධිකරණය තීන්දු කර තිබේ.
2024 දෙසැම්බර් මාසයේදී එල්ල වූ දැඩි ප්‍රහාර හමුවේ පාලනය බිඳවැටීමත් සමඟ අසාද් සිය පවුල සමඟ රුසියාවේ මොස්කව් නුවරට පලා ගිය අතර, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සැකකාර හිටපු ජනාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි පසුබිමක මෙම තීන්දුව ලබා දී ඇති බවයි.
සිරියාවේ නව සංක්‍රාන්ති පාලන අධිකාරිය යටතේ හිටපු පාලකයින්ට එරෙහිව පවත්වන ලද මුල්ම ප්‍රධාන නඩු විභාගය මෙය වේ.

