ඉරානයට එරෙහිව තවදුරටත් හමුදා ප්‍රහාර එල්ල කිරීමට වඩා, ඔවුන්ට ආර්ථික වශයෙන් බලපෑම් එල්ල කිරීම වඩාත් සුදුසු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඉරානය සමඟ පවතින වත්මන් ගැටුම්කාරී තත්ත්වයේදී මීට වඩා ඉවසීමෙන් සහ අඩු පීඩනයක් යොදමින් කටයුතු කිරීමට තමන් සූදානම් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මුහුදු මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
කෙසේ වෙතත්, අමෙරිකාව විසින් තමන්ට පනවා ඇති තෙල් සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කරන තෙක් මෙම උපායමාර්ගික මුහුදු මාර්ගය නැවත විවෘත නොකරන බවට ඉරානය අවධාරණය කර සිටී.

