අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳව සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව දැනුවත් කෙරේ.

0
1

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් සහ නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි යන මහත්වරුන් ඇතුළු රජයේ නියෝජිත පිරිසක් අද දින කොළඹදී සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව (ACJU) හමුවී අධිකරණ සහ බන්ධනාගාර ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර තිබේ.

ජමියතුල් උලමා සභාවේ ප්‍රධානී රිස්වි මුෆ්ති මහතා, එහි මහ ලේකම් අශ් ශේහ්ක් අර්කම් නූරාමිත් මව්ලවිතුමා ඇතුළු විධායක සභා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම හමුවේදී, අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් වර්තමානයේ සමාජයේ සංසරණය වන අසත්‍ය තොරතුරු නිරාකරණය කරමින් රජයේ වත්මන් ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here