නිඩා පදනමේ (NIDA Foundation) ජංගම සහජීවන ව්‍යාපෘතිය යටතේ “අපගේ මාතෘ භූමියේ සාමය හා සහජීවනය ගොඩ නංවමු” යන තේමාව ඔස්සේ සංවිධානය කළ විශේෂ වැඩසටහනක් 2026 අගෝස්තු මස 01 වන දින මයුර ප්ලේස් මුහියද්දීන් ජුම්මා දේවස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී.
ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන් හා ආගම් අදහන ජනතාව අතර සාමකාමී මෙන්ම පරස්පර අවබෝධයෙන් යුතු සහජීවන පසුබිමක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.
නිඩා පදනමේ අනුග්‍රහයෙන් සහ මයුර ප්ලේස් මුහියද්දීන් ජුම්මා දේවස්ථානයේ පූර්ණ සහයෝගයෙන් සංවිධානය වූ මෙම අවස්ථාව සඳහා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ (NILET) දෙවන භාෂාව හදාරන හෙද නිලධාරීන් 35 දෙනෙකු පමණ සහභාගී වූහ.
මෙම වැඩසටහන හරහා ඉස්ලාම් ආගම පිළිබඳ සමාජයේ පවතින වැරදි මත හා සැකයන් දුරු කරමින්, නිවැරදි හා පැහැදිලි අවබෝධයක් සහභාගී වූ පිරිස වෙත ලබා දීමට කටයුතු කෙරිණි.



