මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් අභිනවයෙන් ඉදිකරන ලද ගෙලිඔය ආයුර්වේද ග්‍රාමීය රෝහලේ පිරිමි වාට්ටුව සහ නිල නිවස ජනතා අයිතියට පත්කිරීම අද (08 ) දින සිදු කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණී මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේදී උත්සවය පැවැත්විණි.


