ඩොලර් මිලියන 400ක ධවල මන්දිර උත්සව ශාලා ව්‍යාපෘතිය අභියාචනාධිකරණයෙන් නතර කෙරේ

0
6

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඩොලර් මිලියන 400ක පිරිවැයකින් ධවල මන්දිර පරිශ්‍රයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ නව උත්සව ශාලාවේ කටයුතු වහාම නතර කරන ලෙස එරට ෆෙඩරල් අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, 2ට 1ක් වූ බහුතර ඡන්දයෙන් මෙම තීන්දුව ලබාදී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය පෙන්වා දී ඇත්තේ මෙවැනි විශාල පිරිවැයක් සහිත ඉදිකිරීම් ව්‍යාපෘතියක් සඳහා අනිවාර්යයෙන්ම එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතු බවයි.

කොංග්‍රස් අනුමැතියකින් තොරව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ධවල මන්දිරයේ නැගෙනහිර කොටස (East Wing) කඩා දැමීමට ගත් උත්සාහයට එරෙහිව පනවා තිබූ තාවකාලික තහනම් නියෝගය ද අධිකරණය විසින් මෙහිදී වැඩිදුරටත් තහවුරු කරන ලදී.

කෙසේ වෙතත්, අභියාචනාධිකරණයේ මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට ජනාධිපති ට්‍රම්ප් සැලසුම් කරමින් සිටින බවද විදේශ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here