සබරගමුව සහ බස්නාහිර පළාත් ඇතුළුව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි කාලය තුළ අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. විශේෂයෙන්ම සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවන තරමක තද වැසි පතනයක් බලාපොරොත්තු විය හැකි අතර, වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතී.
මේ අතරතුර උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් යුත් තද සුළං විටින් විට හමා යා හැක. එබැවින්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

