අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ.

0
4
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති (DIG) ධුරය දක්වා උසස් කිරීමට පියවර ගෙන ඇත. පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය විසින් ලබා දුන් නියෝගයකට අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ.
එම නියෝගයට අනුව අගෝස්තු 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම හිමිවන අතර, ඔහු වැඩතහනමට ලක්ව සිටි කාලය තුළ අහිමි වූ සියලු හිඟ වැටුප් සහ දීමනාද නැවත ගෙවීමට නිර්දේශ කර ඇත.
2020 ජූලි මාසයේදී අත්අඩංගුවට පත්ව මාස 11 ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ශානි අබේසේකර මහතා, පසුව අභියාචනාධිකරණය මගින් ඇප මත මුදාහැරිණි. අනතුරුව 2024 වසරේදී යළි සේවයේ පිහිටුවීමෙන් පසු, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස නැවත කටයුතු භාරගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here