කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතරද අද (07) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
ඊයේ (6) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන තිබූ බවත්, පසුව එය පාලනය කිරීමට කටයුතු කළ බවත් බන්ධනාගාර ප්‍රකාශයෙකු සඳහන් කළේය.
නමුත් අද උදෑසන යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිව තිබේ.
මෙහිදී රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති අතර, ඒ හේතුවෙන් පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වහාම කැඳවා අද උදෑසන වනවිට එහි තත්ත්වය පාලනය කළ බව බන්ධනාගාර ප්‍රකාශයෙකු සඳහන් කර සිටියේය.

