හෙට ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවන තද වැසි සහ තද සුළං

0
2
Torrential rain causing flood.

ඉදිරි පැය 36 සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම අනාවැකියට අනුව, හෙට (07) දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙලෙස තද වැසි ඇදහැලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත් මුළුල්ලේම අහස වලාකුළින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

වැසි තත්ත්වයට අමතරව උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ යන පළාත්වල පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර ප්‍රබල සුළං ඇතිවීමේ ප්‍රවණතාවක්ද පවතී. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව හමන තද සුළං මෙන්ම අකුණු අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින්, එමඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here