ජැෆ්නා කිංග්ස් LPL අවසන් සටනට

0
14

ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කරමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (05) සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම පළමු අවසාන පූර්ව තරගයේදී

(Qualifier 1) පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 242ක දැවැන්ත ඉලක්කයක් ගොඩනැගීය.

මෙය LPL තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 228ක් පමණි.

ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 108ක් රැස්කළ කමිල් මිශාර සිය ප්‍රථම විස්සයි20 ශතකය වාර්තා කිරීමට සමත් විය. පන්දු 55කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 10ක් සමඟින් ඔහු මෙම දැවැන්ත ඉනිම ගොඩනැගූ අතර, ඔහුට අගනා සහයක් දුන් Khawaja Nafay සහ තව්හිද් රිදෝයි ලකුණු 54 බැගින් රැස්කළහ. මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම LPL ඉතිහාසයේ අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ 05 වන අවස්ථාව ලෙස මෙය සටහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here