තලේබාන් තහනමින් පසු ඇෆ්ගන් කාන්තා පාපන්දු පිල නවසීලන්තයේදී යළි එක්වෙයි

0
12

ඇෆ්ගනිස්තානය තුළ කාන්තා පාපන්දු ක්‍රීඩාව තහනම් කර ඇති පසුබිමක, විදෙස් රටවල සරණාගතයන් ලෙස ජීවත් වන ඇෆ්ගන් කාන්තා පාපන්දු කණ්ඩායම වසර ගණනාවකට පසු නවසීලන්තයේදී යළි එකතු වී තිබේ.

2021 අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය බලයට පත්වීමත් සමඟ කාන්තාවන්ට ක්‍රීඩා කිරීම සහ උසස් අධ්‍යාපනය තහනම් කිරීම නිසා, 2007 දී පිහිටුවන ලද මෙම ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ පෘතුගාලය වැනි රටවලට පලා ගොස් සරණාගතභාවය ලබාගත්හ.

වසර ගණනාවක උත්සාහයකින් පසු “Afghan Women United” ලෙස සංවිධානය වූ මෙම කණ්ඩායමට, අනාගතයේදී නිල ජාත්‍යන්තර තරග නියෝජනය කිරීමට පසුගිය අප්‍රේල් මාසයේදී FIFA වෙතින් අවසර හිමි විය.

ඒ අනුව, විදෙස්ගත ක්‍රීඩිකාවන් 23 දෙනෙකුගෙන් යුත් සංචිතය නවසීලන්තයේදී විශේෂ පුහුණු කඳවුරකට සහ කුක් දූපත් (Cook Islands) කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන නිල නොවන මිත්‍රත්ව තරග දෙකකට එක්වීමට නියමිත අතර, ඔවුන්ගේ මීළඟ ඉලක්කය වන්නේ ඔලිම්පික් සහ ලෝක කුසලාන වැනි ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලි සඳහා සුදුසුකම් ලැබීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here