මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 ඇතුළත සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මහවැලි ගඟේ ඉහළ පෝෂිත ප්‍රදේශවලට තවදුරටත් වර්ෂාව ලැබෙනු ඇතැයි කෙරෙන පුරෝකථන සහ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවර කර තිබීම මීට ප්‍රධාන හේතුව වී තිබේ.
මේ අනුව උඩුනුවර, උඩපළාත, යටිනුවර, දොළුව, ගඟ ඉහළ කෝරළය, ගඟවට කෝරළය සහ හාරිස්පත්තුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මහවැලි ගඟ ආසන්න පහත් බිම්වල වෙසෙන ජනතාවට ඒ පිළිබඳව දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙසත්, ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් දැනුම් දෙයි.
තවද, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙත ද උපදෙස් දී ඇත.

