ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා එක්දින නිල සංචාරයක් සඳහා අද (05) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
මෙම සංචාරය අතරතුරදී ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
දෙරට අතර දැනට පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ ප්‍රධාන සහයෝගීතා ක්ෂේත්‍රයන්හි ඉදිරි ප්‍රගතියක් අත්කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.

