මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට යළි විවෘත කෙරේ

0
3

පැවැති අයහපත් කාලගුණික තත්ත්වය සහ අඛණ්ඩව ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් වසා තැබුණු මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (05) දිනයේ සිට නැවත විවෘත කරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි.

අධික වර්ෂාව හේතුවෙන් පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් පරිදි ඊයේ (04) දිනයේදී මෙම දිස්ත්‍රික්ක දෙකෙහි සියලුම රජයේ පාසල් තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here