ලංකාවේ ඩෙංගු මර්දනයට ඉන්දියානු මහ කොමසාරිස්ගෙන් පරිත්‍යාගයක්

0
5

මෙරට ඩෙංගු මර්දන කටයුතු සඳහා භාවිත කිරීම පිණිස ඉන්දියාව විසින් පරිත්‍යාග කරන ලද ‘ටෙක්නිකල් මැලතියන්’ තොගය, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා මහතා විසින් අද (04) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදෙන ලදී.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කළ ඉල්ලීමකට අනුව මෙම තොගය ලබාදීමට පියවර ගැනීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත සිය කෘතඥතාව පළ කළේය. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ මෙරට ඩෙංගු මර්දනය සඳහා මෙවැනි මැලතියන් ප්‍රභේදයක් භාවිත වන ප්‍රථම අවස්ථාව මෙය වන බවයි.

මේ වන විට ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ සීඝ්‍රතාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින පසුබිමක, මෙම මැලතියන් තොගය ලැබීම මර්දන කටයුතු සඳහා ලැබුණු විශාල ශක්තියක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

එමෙන්ම, ඩෙංගු මර්දනය උදෙසා මහජනතාව දක්වන උනන්දුව සහ සහයෝගය ද වෙනදාට වඩා මේ වන විට වර්ධනය වී ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here