අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමග නැවත සාකච්ඡා ආරම්භ කළ බව ප්‍රකාශ කර තිබුණ ද, තමන් සාකච්ඡාවල නිරත වන්නේ අමෙරිකාව සමග නොව ඕමානය සමග බව පවසමින් ඉරානය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.
වාණිජ නැව්ගත කිරීම් නැවත ආරම්භ කිරීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තාවකාලික මාර්ගයක් සම්බන්ධයෙන් අවබෝධයකට පැමිණීමට මෙලෙස ඕමානය සමග සාකච්ඡා කරන බව ඉරානය වැඩිදුරටත් සඳහන් කළේය.
ඉරානයේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ට්‍රම්ප් සිය ‘ටෘත්’ (Truth Social) සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, ඉරාන නායකත්වය පිළිගත නොහැකි ලෙස දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි.

