දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් හැටන් අධිකරණයේ නඩු කටයුතුවලට බාධා

0
7

නුවරඑළිය දිස්ත්‍රික්කයට දැනට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් හැටන් දිසා අධිකරණයේ සහ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (04) දින විභාගයට ගැනීමට නියමිතව තිබූ සියලුම නඩු කටයුතු ලබන 11 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කර ඇත.

පැවැත්වෙන අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අධිකරණ කාර්ය මණ්ඩලයට, නඩු කටයුතු සඳහා වාර්තා කළ යුතු පොලිස් නිලධාරීන්ට මෙන්ම අදාළ නඩු පාර්ශ්වයන්ටද පැමිණීමට තරම් ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී තිබේ.

අදාළ අධිකරණවල සේවය කරන නීතිඥවරුන් විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් සලකා බලමින් මහෙස්ත්‍රාත්වරුන් විසින් මෙලෙස නඩු විභාග වෙනත් දිනයකට කල් තැබීමට පියවර ගත් බව  සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here