උසස් පෙළ සහ ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

0
4

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සඳහා පැවැත්වෙන සියලුම උපකාරක පන්ති, එම විභාග කටයුතු අවසන් වන තෙක් තහනම් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව, උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට (04) මධ්‍යම රාත්‍රී 12 සිටත්, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අනිද්දා (05) මධ්‍යම රාත්‍රී 12 සිටත් ක්‍රියාත්මක වන පරිදි සපුරා තහනම් වේ.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 09 වැනිදා විභාග මධ්‍යස්ථාන 2723කදී පැවැත්වීමට නියමිත අතර, උසස් පෙළ විභාගය මේ මස 10 වැනිදා සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2532කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here