ඊසානදිග ඊජිප්තුවේ ඉස්මයිලියා පළාත කේන්ද්‍ර කරගනිමින් රිච්ටර් මාපාංක ඒකක 5.3ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූ චලනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 5.47ක ගැඹුරකින් හටගෙන ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
භූකම්පනයේ බලපෑම ඊජිප්තුවේ කයිරෝ අගනුවර ඇතුළු තවත් නගර කිහිපයකටම තදින් දැනී ඇතත්, ඉන් සිදු වූ කිසිදු ජීවිත හෝ දේපළ හානියක් පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

