දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ තද සුළං

0
3

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. විශේෂයෙන්ම සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතී.

මීට අමතරව බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි අතර, මුලතිව් දිස්ත්‍රික්කයේ පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

ප්‍රදේශ කිහිපයකට තද සුළං සහ ආරක්ෂිත පියවර
පවතින කාලගුණ තත්ත්වයත් සමඟ උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් හමන තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ හේතුවෙන්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here