ලොව විශාලතම විවෘත මූලාශ්‍ර AI ආකෘතිය චීනයෙන් නොමිලේම ලොවට

0
2

චීනයේ Moonshot AI සමාගම විසින් නිෂ්පාදිත, ලොව විශාලතම විවෘත මූලාශ්‍ර මහා පරිමාණ කෘත්‍රිම බුද්ධි ආකෘතිය (Open-source large model) වන “Kimi K3” පසුගිය 27 වැනිදා සිට ගෝලීය වශයෙන් මහජනතාවට පූර්ණ ලෙස විවෘත කර තිබේ.

Moonshot AI සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන මෙම ආකෘතිය, ට්‍රිලියන 2.8ක දැවැන්ත පරාමිතීන් ප්‍රමාණයකින් සමන්විත වන අතර, සම්පූර්ණ ආකෘති බර, තාක්ෂණික වාර්තා සහ පුහුණුව සඳහා සහාය වන මූලික තාක්ෂණික පහසුකම් තුනකින් ද යුක්ත වීම විශේෂත්වයකි.

චීන AI ආකෘතියක් ලොවට විවෘත වූ පළමු අවස්ථාව මෙය නොවුණද, ට්‍රිලියන 2.8ක තරම් විශාල පරාමිතීන් සහිත ආකෘතියක් ගෝලීයව පූර්ණ වශයෙන් මුදාහළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ලොව පුරා සිටින කෘත්‍රිම බුද්ධි සංවර්ධකයින්ට දැන් මෙය නොමිලේ බාගත කර තමන්ට අවශ්‍ය පරිදි දේශීයව භාවිත කිරීමේ අවස්ථාව හිමි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here