කොළඹ උද්ධමනය ජුලි මාසයේදී සියයට 7.3 දක්වා ඉහළට

0
9

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවලට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මඟින් ජූලි මාසයේ මෙරට සමස්ත උද්ධමනය 7.3%ක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙයි. මෙය පසුගිය ජුනි මාසයේ වාර්තා වූ 6.8%ක අගයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි.

මෙම තත්ත්වය කෙරෙහි ආහාර කාණ්ඩයේ මිල ගණන් ඉහළ යාම සෘජුවම බලපා ඇති අතර, ජුනි මාසයේ 3.6%ක්ව පැවති ආහාර උද්ධමනය ජූලි මාසය වන විට 6.3%ක් දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. කෙසේ වුවද, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේ පැවති 8.4%ක සීමාවේ සිට ජූලි මාසයේදී 7.8%ක් දක්වා යම් පහළ බැස්මක් සටහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here