පාකිස්තානයේ ගල් අඟුරු පතලක පිපිරීමකින් 34 දෙනෙකු ජීවිතක්ෂයට

0
15

දකුණු පාකිස්තානයේ පිහිටි ගල් අඟුරු පතලක සිදු වූ දරුණු පිපිරීමකින් එහි සේවය කරමින් සිටි කම්කරුවන් 34 දෙනෙකු සේචනීය ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම අනතුර හේතුවෙන් තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට හදිසි ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

පිපිරීමත් සමඟ පතල තුළ සිරවීමෙන් තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර, ඔවුන් සොයා සහන සේවා කණ්ඩායම් විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදු කෙරේ.

කෙසේ වෙතත්, මෙම මාරාන්තික පිපිරීම සිදුවීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් සපයන ලෙස එරට බලධාරීන් විසින් අදාළ අංශ වෙත නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here