රුමේෂ් හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට

0
1

ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග අද (30) සමත් විය.

මූලික වටයේ තරගයේදී මීටර 82.84ක විශිෂ්ට දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔහුට හැකි විය. ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන් රැසක් සහභාගී වූ මෙම තරගාවලියට ඔලිම්පික් රන් පදක්කම් ලාභීන් වන ඉන්දියාවේ නීරාජ් චොප්රා මෙන්ම පාකිස්තානයේ අර්ශාද් නදීම් ද තරග වැදීම විශේෂත්වයකි.

කෙසේ වෙතත්, මෙම මූලික වටයේදී රුමේෂ් දැක්වූ දක්ෂතා හමුවේ ප්‍රබල ඔලිම්පික් ශූරයන්ට පසුපසට යාමට සිදු විය. එහිදී මීටර 79.61ක දක්ෂතාවක් සටහන් කළ ඉන්දියාවේ නීරාජ් චොප්රාට හිමිවූයේ 5 වැනි ස්ථානය වන අතර, මීටර 78.63ක දක්ෂතාවක් දැක්වූ පාකිස්තානයේ අර්ශාද් නදීම්ට 7 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here