ඉරානය චීනයෙන් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති මිලදී ගනී

0
4

ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින දැඩි යුදමය නොසන්සුන්තාව හමුවේ, තමන්ගේ යුද හමුදා කඳවුරු සහ උපායමාර්ගිකව වැදගත් ස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා ඉරානය විසින් චීනයෙන් උරහිස මත තබා ප්‍රහාර එල්ල කළ හැකි (shoulder-launched) අතිනවීන ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති තොගයක් මිලදී ගෙන තිබේ.

හොංකොං හි පිහිටි Zhongqing Baoshang International Investment නැමති සමාගමක් මැදිහත් කරගනිමින් මෙම ගිවිසුම අත්සන් කර ඇති අතර, එහි පළමු මිසයිල තොගය ඉදිරි සති කිහිපය තුළ ඉරානයට ලැබීමට නියමිතය.

මෙම මිලිටරි ගිවිසුම යටතේ ඉරානය විසින් මිසයිල විදින (launchers) 300ත් 400ත් අතර ප්‍රමාණයක් මිලදී ගැනීමට නියමිත අතර, සමස්ත ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 60ත් 70ත් අතර වන බව වාර්තා වේ. චීනයේ නිෂ්පාදිත QW-12 සහ FN-16 යන උසස් තාක්ෂණයෙන් යුත් මිසයිල වර්ග ද මෙම ආරක්ෂක පැකේජයට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here