ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ ගෝලීය තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

0
9

ඉරානය එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයත් සමඟ ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ හේතුවෙන් ඉරාන – ඇමරිකා ගැටුම කෙටිකාලීනව හෝ විසඳෙනු ඇතැයි පැවති අපේක්ෂාවන් සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවයි.

ඒ අනුව ඊයේ (29) දිනයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 7%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල ද ඇමරිකානු ඩොලර් 84.93ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ඇමරිකාවේ බොරතෙල් සංචිත ප්‍රමාණය ද බැරල් මිලියන 3.3කින් පහත වැටී ඇති බව කර්මාන්ත දත්ත පෙන්වා දෙයි. මැදපෙරදිග කලාපයේ පවතින මෙම උණුසුම් ආරක්ෂක තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත්, ඉදිරි දිනවලදී ගෝලීය බලශක්ති සහ මූල්‍ය වෙළෙඳපොළ දැඩි අස්ථාවරත්වයකට ලක්විය හැකි බව ආර්ථික සහ ක්ෂේත්‍ර විශේෂඥයෝ අනතුරු අඟවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here