ජපානයේ භූමිකම්පාවෙන් මියගිය ගණන 30ක් දක්වා ඉහළට

0
14

ජපානයේ නිරිතදිග කලාපයට බලපෑ ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති බව අග්‍රාමාත්‍ය සනා ටකායිචි මහත්මිය ප්‍රකාශ කරයි. කියුෂු දූපතේ කුමමොටෝ ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් රිච්ටර් පරිමාණයේ 6.8ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූකම්පනය හටගෙන තිබේ.

ඉන් ප්‍රදේශයේ නිවාස සහ විදුලිබල පද්ධති ඇතුළු යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති අතර, සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකය. මෙහිදී සාප්පු සංකීර්ණයක කොටසක් කඩා වැටීම සහ ඉන් පැයකට පමණ පසු එහි සිදු වූ පිපිරීම් හේතුවෙන් ද පුද්ගල මරණ කිහිපයක් සිදු වී ඇති බව වාර්තා වේ.

මේ වන විට විපතට පත් වූ දහස් සංඛ්‍යාත ජනතාවක් සහන කඳවුරුවල රඳවා තබා ඇති නමුත්, ප්‍රදේශයේ පවතින දැඩි උණුසුම් දේශගුණය හේතුවෙන් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම බලධාරීන්ට විශාල අභියෝගයක් වී තිබේ.

ඉදිරි දිනවලදී ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 දක්වා ඉහළ යා හැකි බවට කාලගුණ අනාවැකි පළ වී ඇති බැවින්, උණුසුම් ආඝාත (heatstroke) තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස දිවි ගලවා ගත් ජනතාවගෙන් සහ සහන සේවකයින්ගෙන් ආරක්ෂක අංශ ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here