දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

0
3

අද (30) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි බලාපොරොත්තු විය හැක.

විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී.

මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, රත්නපුර, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් තද සුළං හැමිය හැක.

එබැවින් මෙම තද වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි අනතුරු පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් ජනතාවට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here