මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවයි

0
2

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවලට අනුව, ජනවාරි මස 01 වැනිදා සිට ජුලි 26 වැනිදා දක්වා ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,313,974ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙයින් ජුලි මාසයේ 01 වැනිදා සිට 26 වැනිදා දක්වා වූ කාලය තුළ පමණක් සංචාරකයින් 167,401 දෙනෙකු දිවයිනට පැමිණ ඇත. මෙම වසරේ ගතවූ මාස කිහිපය දෙස බැලීමේදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ පෙබරවාරි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 279,328ක් ලෙස සටහන් වේ.

ජුලි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 38,785කි. මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 18,419ක් සහ නෙදර්ලන්තයෙන් සංචාරකයින් 10,540ක් වශයෙන් පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන ලබාගෙන ඇත.

සමස්ත වසරේ ගතවූ කාලය සැලකීමේදී ද වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම අගය 310,293කි. මීට අමතරව රුසියාවෙන් සංචාරකයින් 332,468ක් සහ එක්සත් රාජධානියෙන් සංචාරකයින් 126,986ක් වශයෙන් මෙරටට පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here