නිරිතදිග ජපානයේ භූ කම්පනයෙන් මියගිය ගණන 13 දක්වා ඉහළට

0
6

නිරිතදිග ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබේ. රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබලත්වයෙන් යුතුව ඊයේ (28) මෙම භූ චලනය හටගෙන තිබුණේ ජපානයේ තෙවන විශාලතම දූපත ලෙස සැලකෙන කියුෂූ (Kyushu) දූපත ආශ්‍රිතවය.

විදෙස් වාර්තාවලට අනුව, භූ කම්පනය නිසා කඩා වැටුණු නිවාස සහ සාප්පු සංකීර්ණ ඇතුළු ගොඩනැඟිලි සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් දැඩි වෙහෙසක් දරමින් ක්‍රියාත්මක කෙරේ. කෙසේ වෙතත්, තවමත් පුද්ගලයින් 10කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බියක් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here