බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර, වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැක. කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වියලි කාලගුණික තත්ත්වයකි.
මීට අමතරව, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් හමන තද සුළං ඇති විය හැකිය.

