ජපානයේ දකුණු දිග කියුෂු (Kyushu) දූපතට අයත් කුමමොටෝ (Kumamoto) ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබලත්වයකින් යුත් ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම භූමිකම්පාවත් සමඟ මීටර් 1 ක පමණ උසකින් යුත් සුනාමි රළ ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ඒ සඳහා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.
මේ හේතුවෙන් කුමමොටෝ ඇතුළු නාගසාකි, කගොෂිමා, ෆුකුඔකා, සාගා, ඔයිටා සහ මියාසාකි යන අවට ප්‍රාන්ත වෙත ද ජපාන රජය විසින් හදිසි භූමිකම්පා අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

