කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයන්

0
4

දිවයින හරහා දැනට පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලට මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට විටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම තත්ත්වයත් සමඟ ගොඩබිම මෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයකද සුළගේ වේගය ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙයි.

ඒ අනුව, හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු සීමාවන් විටින් විට රළු වීමේ අවදානමක් පවතී.

මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව තම කටයුතුවලදී දැඩි ලෙස අවධානයෙන් කටයුතු කළ යුතු අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන්නැයි ඉල්ලා සිටියි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here