2027 දී ඇපල් සමාගමෙන් නව ස්මාර්ට් කණ්ණාඩියක්

0
13

ඇපල් (Apple) සමාගම විසින් 2027 වසරේදී නව ස්මාර්ට් කණ්ණාඩියක්වෙළඳ පොළට නිකුත් කිරීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. වර්තමාන වෙළඳපොළේ ඇති මෙවැනි උපාංග හේතුවෙන් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට සිදුවන හානි පිළිබඳව ලොව පුරා දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

විශේෂයෙන්ම, දැනට පවතින මෙටා (Meta) සමාගමේ ස්මාර්ට් කණ්ණාඩි භාවිත කරමින් අන් අයට නොදැනෙන සේ හොර රහසේ ඡායාරූප සහ වීඩියෝ ලබාගැනීමට හැකිවීම නිසා සමාජය තුළ විශාල බියක් සහ විරෝධයක් හටගෙන තිබේ. ඇතැම් පිරිස් මේවා හඳුන්වා දී ඇත්තේ අන් අය අපහසුතාවයට පත් කරන උපාංග ලෙසයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඇපල් සමාගම තම නිෂ්පාදනයේදී පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට උපරිම ප්‍රමුඛතාවයක් දීමට තීරණය කර තිබේ.

බ්ලූම්බර්ග් (Bloomberg) වාර්තාවලට අනුව, පෞද්ගලිකත්ව ගැටලුවලට විසඳුම් ලෙස ඇපල් සමාගම සුවිශේෂී පියවර කිහිපයක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වේ. ඒ අනුව කණ්ණාඩිය මඟින් ලබාගන්නා දත්ත කිසිදු බාහිර සර්වර් (Server) එකකට නොයවා, උපාංගය තුළම පමණක් සකස් කරන බැවින් පරිශීලක දත්ත 100%ක්ම ආරක්ෂිත වේ.

එමෙන්ම පරිශීලකයන්ගේ පෞද්ගලික පටිගත කිරීම් ඇපල් සමාගමේ කෘත්‍රිම බුද්ධි (AI) මාදිලි පුහුණු කිරීම සඳහා කිසිසේත්ම යොදා නොගන්නා අතර, ඡායාරූප හෝ වීඩියෝ ගැනීමට නොහැකි, අවට ඇති දේවල් හඳුනාගැනීමට පමණක් උදව්වන විශේෂ සෙන්සර් සහිත කැමරා පද්ධතියක් ද මෙයට ඇතුළත් විය හැක. මෙම නව උපාංගය 2027 ජූනි මාසයේදී පැවැත්වෙන WWDC සමුළුවේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කර, එම වසර අගදී වෙළඳපොළට නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here