සීමා නිර්ණ කොමිසමට නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් පත් කෙරේ.

0
52

සීමා නිර්ණය කොමිසමේ නව සභාපතිවරයා ලෙස එම්. කේ. සමන් ශ්‍රී රත්නායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලදී.

‎එම්. බී. රෝහණ පුෂ්පකුමාර සහ කේ. තවලිංගම් යන මහත්වරුන් කොමිසමේ අනෙකුත් සාමාජිකයින් ලෙස පත් කර ඇත.
‎
අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන්ට පිළිගන්වන ලදී.
‎
‎සීමා නිර්ණය කොමිසමේ සාමාජිකයින්ගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා මෙම පත්වීම් ලබා දී ඇත.