කොළඹ කොටුව සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹේ

0
7

පසුගිය වසරේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයට සිදු වූ බරපතළ හානි නිසා තාවකාලිකව නවතා දමා තිබූ කොළඹ කොටුව සහ තලෙයිමන්නාරම අතර දුම්රිය සේවාව අද (24) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අදාළ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති අතර, ඒ අනුව කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම දක්වාත්, තලෙයිමන්නාරමේ සිට කොළඹ කොටුව දක්වාත් දිනපතා දුම්රිය ධාවනය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙම නව කාලසටහනට අනුව, අද පස්වරු 3.50 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන පළමු දුම්රිය තලෙයිමන්නාරම බලා ධාවනය වීමට නියමිතය. අනතුරුව, හෙට (25) උදෑසන 4.10 ට තලෙයිමන්නාරම දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය නැවත කොළඹ කොටුව බලා පැමිණීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here