එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි

0
58

කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සිදු කිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 30 සහ 31 යන දෙදින තුළ එහි මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මේ හේතුවෙන් ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා පිහිටි සියලුම කලාප, දිස්ත්‍රික් සහ උප කම්කරු කාර්යාලවල සේවක අර්ධ සාධක අරමුදල් (EPF) දත්ත පද්ධතිය හා ඩිජිටල් EPF පද්ධතිය ආශ්‍රිතව සිදු කෙරෙන සියලුම සේවාවන් එම දින දෙකේදී ක්‍රියාත්මක නොවන බවයි.

ඒ අනුව, අදාළ දිනවලදී ප්‍රතිලාභ ගෙවීම් සහ ලියාපදිංචි කිරීම් ඇතුළු කිසිදු මහජන සේවාවක් සිදු නොවන බැවින්, එදිනට සේවාවන් ලබා ගැනීමට පෙර වේලාවන් වෙන් කරවාගෙන තිබූ පුද්ගලයන්ට ඉදිරි මාසයක කාලය තුළ ඕනෑම වැඩ කරන දිනයක අදාළ කම්කරු කාර්යාලය වෙත පැමිණ තම සේවාවන් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.