දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

0
13

බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ කලාපයන්හි උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වුවද, දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, උතුරු සහ උතුරු-මැද පළාත්වලට මෙන්ම හම්බන්තොට සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට ද විටින් විට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර වේගයකින් හමන තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here