අමෙරිකා – ඉරාන නොසන්සුන්තාව හමුවේ ලෝක බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

0
9

අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තාව දිගින් දිගටම උග්‍ර වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සති හයක කාලය තුළ වාර්තා වූ ඉහළම මිල අගයන් සනිටුහන් කරමින්, ලෝක වෙළෙඳපොළේ ප්‍රධාන තෙල් දර්ශකයක් වන බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 98 සීමාව ද ඉක්මවා ගොස් තිබේ.

මීට සමගාමීව WTI බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 90 සීමාව පසුකර ඇත. ගෝලීය වශයෙන් සිදුවන මෙම බොරතෙල් මිල ඉහළ යෑම ආසියානු කලාපීය වෙළෙඳපොළ කෙරෙහි ද මේ වන විට දැඩි ඍණාත්මක බලපෑමක් එල්ල කරමින් පවතින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here