පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ අද ඇරඹෙයි

0
12

ලෝකයේ ඔලිම්පික් සහ ආසියානු ක්‍රීඩා උළෙලවලට පසුව පැවැත්වෙන විශාලතම ක්‍රීඩා මංගල්‍යය වන 23 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල (Commonwealth Games) අද (23) සිට අගෝස්තු 02 වැනිදා දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ස්කොට්ලන්තය මෙවැනි ක්‍රීඩා උළෙලක සත්කාරකත්වය දරන දෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර ඔවුන් 2014 වසරේදී මෙහි සත්කාරකත්වය දරා තිබුණි. මෙවර තරගාවලිය සඳහා රටවල් 74ක් නියෝජනය කරමින් 3,000කට ආසන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වීමට නියමිතය.

මෙවර ක්‍රීඩා උළෙලේ විශේෂත්වයක් වන්නේ පිරිවැය සීමා කිරීමේ අරමුණින් ක්‍රීඩා ඉසව් ගණන 10ක් දක්වා අඩු කර තිබීමයි. ඒ අනුව ග්ලාස්ගෝ නගරයේ සැතපුම් 8ක සීමාවක් ඇතුළත පිහිටි ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණ 4ක් කේන්ද්‍ර කරගනිමින් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම සුවිශේෂී ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වන අතර, ඔවුන් ක්‍රීඩා ඉසව් 7ක් යටතේ මෙරටට කීර්තියක් අත්කර දීමට තරග වැදීමට නියමිතව තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here