උසස් පෙළ කල් දමන්නැයි සිසුන් ඉල්ලූ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

0
12

ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) පියවර ගෙන තිබේ.

මෙම වසරේ උසස් පෙළ විභාගය සඳහා පළමුවරට සහ දෙවන වරට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන් පිරිසක් විසින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අභියාචනාධිකරණය විසින් සිය තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here