ගෝලීය සංචරන හැකියාව සහ වීසා බලපත්‍ර රහිතව ප්‍රවේශ වීමේ පහසුකම පදනම් කර ගනිමින් සකස් කරනු ලබන 2026 හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයේ වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ගුවන්ගමන් බලපත්‍රය සමත්ව තිබේ.
පසුගිය 2024 සහ 2025 වර්ෂයන් හිදී මෙම දර්ශකයේ 96 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව, මෙවර ශ්‍රේණිගත කිරීම්වල පැහැදිලි වර්ධනයක් පෙන්වා ඇත. මීට පෙර 2021 වසරේදී 107 වන ස්ථානයේත්, 2022 වසරේදී 102 වන ස්ථානයේත් සහ 2023 වසරේදී 100 වන ස්ථානයේත් පසු වෙමින් ශ්‍රී ලංකා ගුවන්ගමන් බලපත්‍රය වසරින් වසර ක්‍රමයෙන් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයකි.
මෙවර දර්ශකයේ ප්‍රමුඛස්ථානය දිනා ගැනීමට සිංගප්පූරු ගුවන්ගමන් බලපත්‍රය සමත්ව ඇති අතර, ජපානය, දකුණු කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් එහි දෙවන ස්ථාන හිමිකරගෙන තිබේ. මෙම ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව දුර්වලම ගුවන්ගමන් බලපත්‍රය බවට පත්වෙමින් ඇෆ්ගනිස්ථානය දර්ශකයේ අවසන් ස්ථානයේ රැඳී සිටියි.

