විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇති වන සෞඛ්‍ය හා සාමාජයීය ව්‍යසනය පිටුදැකීම වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (22) “රටම එකට” ජාතික මෙහෙයුම – ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.
මෙම මාධ්‍ය සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක, වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා සහ ග්‍රාමීය කර්මාන්ත, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ, මනෝවිද්‍යා උපදේශන නිලධාරිනී, ප්‍රභා යටවර මහත්මිය සහභාගි වූහ.
වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා මෙහිදී විෂ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යම් තැනැත්තකු පෙළඹීමට බලපාන හේතු හා ඉන් වැළකීමට ගත යුුතු පියවර සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක ප්රවේශයකින් කරුණු පැහැදිළි කළේය. මනෝවිද්‍යා උපදේශන නිලධාරිනී, ප්‍රභා යටවර මහත්මිය මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමට ඇති සාමාජයීය වගකීම හා ඔවුන්ගේ පවුල්වලට කළ හැකි කාර්යයභාරය පිළිබඳ කරුණු දැක්වූවාය.

