දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

0
17

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ. මීට අමතරව, ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින අතර, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා හමන තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතී. මේ අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here