අද (21) පෙරවරුවේ හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
අද උදෑසන ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇති බව හෝමාගම පොලිසිය පැවසීය.
මේ වනවිට ගින්න පාලනය කරමින් පවතින අතර, ගින්නට සිරවූ පිරිස සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මකය.
ගින්න හටගත් අවස්ථාවේ සේවකයින් 80කට අධික පිරිසක් එම ස්ථානයේ සිට ඇති බවත් තවදුරටත් පිරිස් එහි ඔවුන් සිරවී ඇත්දැයි සොයා මෙහෙයුම් සිදුකෙරේ.
හෝමාගම මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

