පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

0
4

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ ( ICC) 2025 – 2029 කාන්තා ලෝක කුසළාන ක්‍රිකට් ශූරතා තරගාවලියේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක් දින තරග තුනකින් සමන්විත තරගාවලියක් සදහා සහභාගී වීමට ඊයේ (20) රාත්‍රීයේ පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් සහභාගී වන එක් දින තරග තුන එළඹෙන 23, 25, 28 යන දින වල හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

මීට අමතරව මෙම පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම , ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග , එළඹෙන 31, ලබන මස 02 සහ 04 දින වල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට ද සහභාගී වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here